Monday, July 29, 2019
ඔහු තාත්තා නම් විය
මා සතුටින් තැබීමට ඔහුගේ සතුට නැති කර ලත්
මාගේ සතුට ඔහුගේ සතුට කර ගත්
සමාජයේ ඉහළ තැනක මා දැකීමට
හදවතින් ප්‍රාර්ථනා කළ
මට හමු වූ ඒ අවංකම මිනිසා
තාත්තාය
(උපුටා ගැනීමකි)
Tuesday, July 23, 2019
සෙන්කඩගල අහස යට
සීතල ම ඝන අදුරු
රාත්‍රී අහස යට
වැව් දියේ රැලි සිඹින
හන්තාන සද එළිය
සෙන්කඩගල අහස යට
ආසයි සැනසෙන්න
දිනක් හෝ නුඹ තුරැැලෙ
Sunday, July 7, 2019
පතිවෘතා බලයේ කැඩපත පත්තිනි දේවිය හා බැදි චාරිත්‍ර වාරිත්‍ර
රූපකායෙන් අති සුන්දර වු පත්තිනි දේවිය උපත ලබන්නේ ඉංදියාවේය. ඇය පාලග නම් වෙලෙන්දෙක් සමග විවාහ වේ. පත්තිනිය තම සැමියාට ඉතා පතිභක්තියෙන් හා ආදරයෙන් සිටි තැනැත්තියක් විය. එහෙත් ඔහු පෙරුම්කාරි නම් නළගනක් සමග අනියම් සම්බන්ධයක් පැවැත් වු අතර ඒ නිසාම ඔහු දිනෙන් දින පිරිහීමට ලක් විය. දිනෙක පත්තිනිය තම සැමියාට පාදයේ බැදි රන් වළල්ල දෙන්නේ මුදල් අගහිගකම් හේතුවෙන් මදුරාපුරයට ගොස් එය දී මුදල් ලබා ගැනිමේ අරමුණිකි. මේ කාලයේ ම එරට රජුගේ බිසවගේ ද පා සළඹ නැතිවු අතර පත්තිනියගේ පා සළඹ හා එය සමාන වුයෙන් පාලග කුමරු එය සොරකම් කර ඇති යැයි රජු ඔහුට දඩුවම් කරන ලදි. ඇය තම ස්වාමියා මිය ගිය ශෝකය හා දුකට ඇය පළිගැනිමේ චේතනාවෙන් තම වන් පියයුර කඩා පොළවේ ගසා එයින් මුළු පඩිපුරය ම ගින්නෙන් දවා අළු කරවිය. එයින් අධර්මිෂ්ඨ සියල්ල ම මියගිය අතර අනතුරුව තම පතිවෘතා බලයෙන් සැමියාට නැවත ජීවය දි පඩි රටට ගියහ.
පත්තිනි දේවිය ලංකාවේ සිංහල බෞද්ධයන් මෙන් ම ද්‍රවිඩ ජනතාවගේ ද පුදපෙත් ලබන ප්‍රධාන කාන්තා දේවියයි. පත්තිනි දේවිය සිංහල සම්ප්‍රධායට අනුව බෝධි සත්ව පාරමිතා පුරන්නියකි. ඇය හිංදු සම්ප්‍රධායට අනුව පාර්වතියගේ අවතාරයයි. බුදුදහමේ බොහෝ සුත්‍රවල පත්තිනි දේවිය ගැන සදහන් වේ. ලංකාවේ පවතින ජනශෘතියට අනුව පත්තිනිය බෞද්ධ වුවා පමණක් නොව පතිභක්තිය වැනි සාරධර්ම රැකගත් දේවතාවිය ද විය.
ලංකාවේ පත්තිනි දේවිය සදහා ප්‍රසිද්ධ ම දේවාලය වන්නේ නවගමුවයි. බෝ වන රෝග, නියං සමයෙන් කෙත්වතු ආරක්ෂා කිරිම, වසංගත රෝග පැතිරීම වළක්වා ගැනීම දරුවන් මෙන් ම නොමේරූ දරු ගැබවල් ආරක්ෂා කිරිම වැනි කරුණු රාශියක් උදෙසා අතීතයේ සිට ලාංකිකයන් පත්තිනි දේවියගේ පිහිට ඉල්ලා සිටියහ. ඇය වෙනුවෙන් භාරහාර විය.
මේ අනුව පත්තිනි දේවියගේ පිහිට ආශීර්වාදය පතා කරනු ලබන ප්‍රධානතම කටයුත්තක් වන්නේ කිරිඅම්මාවරුන්ගේ දානයයි. මෙහිදි කිරිදරුවකු වෙනුවෙන් හෝ ගැබිනි මාතාවක් වෙනුවෙන් හෝ රෝගයක් වැළදුනු අයකුගේ ඉක්මන් සුවය උදෙසා ඇඹුල් කෙසෙල් ගසක පඩුරක් ගැටගසයි. එහි කැන ඉදුණු පසු කිරිඅම්මාවරු හත්දෙනෙක් හෝ දාහතරදෙනෙකු නිවසට ආරාධනා කර දානය පිළිගන්වයි. එසේ කිරිඅම්මා දානය සදහා තෝරා ගන්නේ දරුවන් බිහිකළ අම්මාවරුන් පමණක් විම විශේෂත්වයකි. ඔවුන් කපුටන් හැඩලීමට පෙර ආතුර නිවසට යා යුතුය. එහිදි එම නිවස ළං වන විට ආශිර්වාද කවි කියමින් සෙත් පතමින් නිවසට වඩී. නිවසට යාමෙන් පසු පත්තිනි මෑණියන්ට මෙන් ම කිරි අම්මාවරුන්ටත් නොඉදුල් කැවුම් කිරිබත් හා කෙසෙල් නිවැසියන් පිළීගන්වයි. ඉන් පසු පත්තිනි හෑල්ල හා ආශිර්වාද කවි කියයි. අනතුරුව පහන්තිර නිවිමේ චාරිත්‍රය කිරිමෙන් පසුව ආතුරයාට ආශිර්වාද කර නිවසේ කිසිවෙකුත් සමග කතා නොකර නිවසින් පිටවීම පත්තිනි දේවාලයේ කිරිඅම්මාවරුන්ගේ දානයේ ප්‍රධාන විධික්රමයයි.
එමෙන් ම පත්තිනි දේවාලය ආශ්රිත කරනු ලබන තවත් එක් චාරිත්‍රයක් වන්නේ අංකෙලියයි. මෙය චාරිත්‍රයක් මෙන් ම තවත් එක් ක්‍රිඩාවක් ද වෙයි. අංකෙලිය යනු ශක්තිමත් අන්දර කදන් දෙකක් ගෙන ඒවා ශක්තිමත් ලෙස එකට ගැටගසයි. අනතුරුව දේවාලයට සම්බන්ධ ගම් දෙකක් උඩුපිළ හා යටි පිළ ලෙස බෙදී දෙපසට ශක්තිමත් ලෙස ගැට ගැසු අන අදිනු ලබයි. උඩුපිළ පත්තිනි දේවිය ද යටිපිළ පාලම් කුමරු ද නියෝජනය කරනු ලබයි. එහිදි උඩුපිළ ජයග්‍රහණය කරණු ලැබුවොත් ගම් දෙකටම සුභ කාලයක් වන අතර පත්තිනි දේවියගේ ආශිර්වාදය ඔවුන්ට හිමිවන බව ගම්මු විස්වාස කරනු ලබයි. ඊට අමතරව කෙත්වතු සරුසාර වී ගම් අතර සමගිය සාමය වර්ධනය වන බවටත් ඔවුන්ගේ විස්වාසයයි.
පත්තිනි දේවිය යනු පතිවෘතා බලයේ කැඩපතයි. පතිකුලයට යන මනාලිය ද ඒ අයුරුමය. එබැවින් සත්පත්තිනි මෑණියන් නියෝජනය කරමින් පෝරුවට නගින මනාලියගේ ගෙලට මාල හතක් පලන්දයි. මාලහත දාමා පෝරුවට නගින මනාලියගේ මෙතෙක් කල් තම දෙමාපියන් සෙවනේ ඉතා කීකරුව තම පවිත්රත්වය රැක ගනිමින් චරිතවත්ව තම දිවි පෙවෙත ගත කළ බව මනමාල පාර්ශ්වයේ මවට හා නැදැ පිිරිසට ඇගවිමට මනමාලියගේ ගෙලට මාල හතක් පලන්දයි. එමෙන් ම ඈ පත්තිනි දේවිය මෙන් ම ඕනෑ ම අභියෝගයකට මුහුණ දෙමින් තම සැමියාට ගෞරවාන්විත ව සලකනු ලබතැයි මනාමල පාර්ශ්වයේ පිරිසට හැගවීම මාලහත දැමිමෙන් අපේක්ෂා කරයි.
මීට අමතර ව පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය පතා පොල් කෙලිය, ගම්මඩු ශාන්තිය, නානුමුර මංගල්‍ය වැනි බොහෝ ශාන්තිකර්ම මගින් පත්තිනි දේවියගේ ආශ්වාදය පැතිමට ග්‍රාමිය ජනතාව අදටත් උනන්දුවක් දක්වති.
Tuesday, July 2, 2019
වට්ටාරම රජමහා විහාරය
ගෝඨාභය කතං රම්මං
දවන තිස්ස ඵල රෝපිතං
වන්දාමි මණ්ඩලාරාමං
මලියදේව නිසේවිතං
ගෝඨාභය මහ රජතුමා විසින් කරවන ලද දෙතිස් ඵල බෝධීන් වහන්සේ රෝපණය කරන ලද, මලියදේව මහ රහතන් වහන්සේගේ පා පහස ලද, මණ්ඩලරමය වට්ටාරම රජමහා විහාරය වදිමි.
අංගුත්තර නිකාය මනෝරථපුරණියේ සදහන් වන පරිදි ලංකාවේ වැඩවිසූ අවසන් මහ රහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේය. ක්‍රි.ව. 253 හා 266 කාගය තුළ රජකළ ගෝඨාභය රජ දවස වාසය කළ උන්වහන්සේ පිළිබද තොරතුරු විමසා බැලීමේදි වට්ටාරම රජමහා විහාරය අපට හමුවන ප්‍රධාන සංදිස්ථානයකි.
බොදු බැතිමතුන්ගේ නොමද ගෞරවයට පත් මෙම විහාරය කෑගල්ල පොල්ගහවෙල මාර්ගයේ සැතපුම් හතර හමාරක් ගියවිට අපට හමු වේ. මා ඔය නිම්නයේ පිහිටි මෙම විහාරයේ අරම්භය දෙවන පෑතිස් රජ දවස දක්වා ඈතට දිවයයි. එසේ ම මිහිදු හිමියන්ගේ ඇසුර ලත් ස්ථානයකි. වටේ ම ආරාම පිහිටි හෙයින් ‘‘වට්ටිරම“ ලෙස මෙම විහාරස්ථානය ප්‍රචලිත වු බව මතයකි. ගෝඨාභය රජු විසින් මෙම ආරාමය, සක්මන් මළුව ඉදිකරවු බවත්, තවත් අතකින් විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා විසින් වට්ටාරම ඉදිකර වු බවත් මත කිහිපයකි.
වට්ටාරම පූජා භූමියට උතුරට පනලිය ගම ද දකුණට කන්දෙ ගෙදර ද නැගෙනහිරට නාරංබැද්ද ද බස්නාහිරට කළු ගග ද ඉර හද කෙටූ ගල් හතරක් සිටුවා විහාරස්ථානයේ සිමාව පිහිටුවා ඇත. ඊට අමතරව නාරංගල නම් ප්‍රදේශයේ ලෝහමය තම්මැන්නාවක් නාද කරවා එම හඩ සවන් වැකුණු තෙක් මායිම් ඉඩම් සියල්ල වට්ටාරම විහාරස්ථානයට එවකට රජකළ රජු පූජා කළ බවත් ජනප්රවාදයේ කියැවේ.
අතීතයේ පටන් රහතන් වහන්සේ වැඩ විසූ සේනාසනයක් යැයි සැලකෙන වට්ටාරම ශ්‍රි අරහන්තක මලියදේව රජමහා විහාරය බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පත්වන ස්ථාන රාශියකින් සැදුම් ලද්දකි. ඒ චෛත්‍ය,බෝධිය, රහතන් වහන්සේ වැඩසිටි මලියමහා පාය, පිළිමගෙය හා සිරිපතුල්ගල සහිත වටමාලයෙහි නටබුන් දැකිය හැක. එයින් පූජනීයම ස්ථානය වන්නේ දෙතිස්ඵල බෝධින් වහන්සේය. සිංහල බෝධි වංශයේ සදහන් වන පරිදි මෙම බෝධින් වහන්සේ ශ්‍රි මහා බෝධියෙන් හටගත් අංකුර තිස්දෙක අතුරින් එක් බෝධි අංකුරයකි. මෙහි මහත් අනුහස් ඇති බව සැළකෙන අතර වර්ථමානයේ දැකගත හැක්කේ එහි ද අංකුරයක් පමණි. එහෙත් දෙතිස්ඵල බෝධීන් වහන්සේ වටා අදටත් පරිවාර බෝධීන් වහන්සේ දැකගත හැක.
මලිය මහාපාය මෙහි ඇති තවත් සුවිශේෂි ස්ථානයකි. වට්ටාරම අස්න අනුව වට්ටාරම් බිමේ ආරාම දොළහක් හා බෝධීන් වහන්සේට පිටුපසින් දේවායක් පිහිටා ඇත. විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා සක් දෙවිදුන්ගේ නියමයෙන් මිහින්තලාවට ගොස් ශිලාල චෙත්‍යයට නොදුරින් පිහිටි පොකුණක තිබූ ගල් කැටයම් හැටපහක් හා මිහිදු තෙරුන්ගේ ධාතු හා සිවුරු ගෙනැවිත් විහාර භූමිය කොටස් හතරකට බෙදා හතලිස් මහළකින් යුතු මලිය මහාපාය හා ආරාම සාදා ඇති බව ජනප්රවාදයේ කියැවේ. එය අනුරාධපුරයේ ලෝවාමහාපායේ අනුරුවකි. එමෙන් ම පිළීම ගෙය හා එහි ඇද ඇති සිතුවම් මහනුවර යුගයේ අපරභාගයට අයත් බව සදහන් කළ හැකිය. මේ සියල්ල වර්ථමානය වන විට නවීකරණය කර ඇති අතර විහාරයේ පොහොය සීමාව ගල්කුණුවලින් සීමා කොට ඇත. එමෙන් ම පැරණි කැටයම් හා දැව උළුවස්සකින් අලංකාර කළ පොත්ගුල ද දිගු ඉතිහාසයකට උරුමකම් කියන්නකි.
අනාදිමත් කාපයක පටන් බෞද්ධ බැතිමතුන්ගේ නොමද ගෞරවාදරයට පත් මෙම වට්ටාරම රජමහා විහාරය මතු පරපුුර වෙනුවෙන් රැක ගැනිම ශ්‍රි ලාංකික ජාතියක් ලෙස අපේ යුතුකමකි.
වට්ටාරම පූජා භූමියට උතුරට පනලිය ගම ද දකුණට කන්දෙ ගෙදර ද නැගෙනහිරට නාරංබැද්ද ද බස්නාහිරට කළු ගග ද ඉර හද කෙටූ ගල් හතරක් සිටුවා විහාරස්ථානයේ සිමාව පිහිටුවා ඇත. ඊට අමතරව නාරංගල නම් ප්‍රදේශයේ ලෝහමය තම්මැන්නාවක් නාද කරවා එම හඩ සවන් වැකුණු තෙක් මායිම් ඉඩම් සියල්ල වට්ටාරම විහාරස්ථානයට එවකට රජකළ රජු පූජා කළ බවත් ජනප්රවාදයේ කියැවේ.
අතීතයේ පටන් රහතන් වහන්සේ වැඩ විසූ සේනාසනයක් යැයි සැලකෙන වට්ටාරම ශ්‍රි අරහන්තක මලියදේව රජමහා විහාරය බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පත්වන ස්ථාන රාශියකින් සැදුම් ලද්දකි. ඒ චෛත්‍ය,බෝධිය, රහතන් වහන්සේ වැඩසිටි මලියමහා පාය, පිළිමගෙය හා සිරිපතුල්ගල සහිත වටමාලයෙහි නටබුන් දැකිය හැක. එයින් පූජනීයම ස්ථානය වන්නේ දෙතිස්ඵල බෝධින් වහන්සේය. සිංහල බෝධි වංශයේ සදහන් වන පරිදි මෙම බෝධින් වහන්සේ ශ්‍රි මහා බෝධියෙන් හටගත් අංකුර තිස්දෙක අතුරින් එක් බෝධි අංකුරයකි. මෙහි මහත් අනුහස් ඇති බව සැළකෙන අතර වර්ථමානයේ දැකගත හැක්කේ එහි ද අංකුරයක් පමණි. එහෙත් දෙතිස්ඵල බෝධීන් වහන්සේ වටා අදටත් පරිවාර බෝධීන් වහන්සේ දැකගත හැක.
මලිය මහාපාය මෙහි ඇති තවත් සුවිශේෂි ස්ථානයකි. වට්ටාරම අස්න අනුව වට්ටාරම් බිමේ ආරාම දොළහක් හා බෝධීන් වහන්සේට පිටුපසින් දේවායක් පිහිටා ඇත. විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා සක් දෙවිදුන්ගේ නියමයෙන් මිහින්තලාවට ගොස් ශිලාල චෙත්‍යයට නොදුරින් පිහිටි පොකුණක තිබූ ගල් කැටයම් හැටපහක් හා මිහිදු තෙරුන්ගේ ධාතු හා සිවුරු ගෙනැවිත් විහාර භූමිය කොටස් හතරකට බෙදා හතලිස් මහළකින් යුතු මලිය මහාපාය හා ආරාම සාදා ඇති බව ජනප්රවාදයේ කියැවේ. එය අනුරාධපුරයේ ලෝවාමහාපායේ අනුරුවකි. එමෙන් ම පිළීම ගෙය හා එහි ඇද ඇති සිතුවම් මහනුවර යුගයේ අපරභාගයට අයත් බව සදහන් කළ හැකිය. මේ සියල්ල වර්ථමානය වන විට නවීකරණය කර ඇති අතර විහාරයේ පොහොය සීමාව ගල්කුණුවලින් සීමා කොට ඇත. එමෙන් ම පැරණි කැටයම් හා දැව උළුවස්සකින් අලංකාර කළ පොත්ගුල ද දිගු ඉතිහාසයකට උරුමකම් කියන්නකි.
අනාදිමත් කාපයක පටන් බෞද්ධ බැතිමතුන්ගේ නොමද ගෞරවාදරයට පත් මෙම වට්ටාරම රජමහා විහාරය මතු පරපුුර වෙනුවෙන් රැක ගැනිම ශ්‍රි ලාංකික ජාතියක් ලෙස අපේ යුතුකමකි.
Wednesday, May 29, 2019
මල්වර චාරිත්‍රය හා බැදි අන්තර් සංස්කෘතික ලක්ෂණ
සිංහල
මල්වර චාරිත්‍රය හා බැදි අන්තර් සංස්කෘතික ලක්ෂණ
සිංහල
චාරිත්‍ර වාරිත්‍ර අතර ප්‍රධාන තැනක් ගන්නා මල්වර චාරිත්‍රය යනුවෙන් හදුන්වන්නේ
ළමා කාලය ගත කළ දැරියකගේ ශාරිරික හා මානසික වශයෙන් සිදුවන වෙනස්විම් කිහිපයක් නිසා
ඇය සමාජය මගින් යෞවනියක ලෙස පිළිගැනිමයි.
මෙය කාන්තාවකගේ දෙවන උපත ලෙස හැදින්වේ.
සිංහල මල්වර චාරිත්‍රය තුළ සිංහලටම ආවේණික වු ලක්ෂණවලින් යුක්ත වන අතර ඒ සදහා
හිංදු මුස්ලිම් මෙන් ම බටහිර සංස්කෘතික ආභාෂය ද ලැබි ඇති බව එම සංස්කෘතින් අධ්‍යනයේ
දි පැහැදිලි වේ.
දැරියක් වැඩිවිම පැමිණි
පසු සිංහලයින් සිදු කරනු ලබන්නේ එම දැරිය වැඩිහිටි කාන්තාවක් ද සමග නිවසේ වෙන් කරන
ලද ස්ථානයක සිටවිමයි.
මෙය හිංදු සංස්කෘතිය මගින් සිංහලයට ආවේණික වුවක් ලෙස පෙන්වා දිය හැක. දෙමළ ජනතාව දැරිය පොල් අතු සෙවිලි කරන ලද නිවසින් පිටත
ඉදි කරන ලද ස්ථානයක ආරක්ෂිතව දින 21ක් පමණ තබයි.
මෙම ලක්ෂණය අදටත් මධ්‍යම පළාතේ සමහර ප්‍රදේශවල දක්නට ලැබේ. එහිදි ඔවුන් කරනු ලබන්නේ කොස් ගසක් යට ඉදි කරන ලද පොල්
අතු පැලක දැරිය දින 7-9 ක කාලයක් සිටවීවිමයි.
නැකතට ඇය නෑවිමෙන් පසු නිවසට කැදවනු ලැබේ.
මීට අමතරව වැදි ජනතාව අතර ද මෙම සංස්කෘතිය දක්නට ලැබේ. මිට හේතුව වන්නේ කිලි සංකල්පයයි. මෙම කිලි සංකල්පය ද හිංදුන් මගින් සිංහලයට එකතු වුවක්
විය.
මෙම කාලය තුළදි කරනු ලබන
තවත් වාරිත්රයක් ලෙස දැරියට ශබ්ද නගා කතා කිරිම, පිරිමින් දැකිම කණ්ණාඩියකින් මුහුණ බැලිම, කොණ්ඩය පිරිම වැනි
දේවල් කිරිම අකැප යයි ද ඒවා තහංචි යැයි ද කියනු ලැබේ. මෙම ක්‍රමය අප්‍රිකාවේ සුලු ජාතිකයින් ද අනුගමනය කරනු ලබන
චාරිත්රයකි. ඔවුන්ගේ විස්වාසය වන්නේ මල්වර වු දැරියක් දැකිම මගින් පිරිමින්ට වස්
වදින බවත් එවැනි දැරියක් දැකිමෙන් ඔවුන්ගේ දඩයම පවා අහිමි වන බව විස්වාසයයි. මෙම
සංකල්පයම සිංහල ජනතාව අතර ද දක්නට ලැබේ. සිංහලයින් මල්වර වු දැරියකට තම පියා හෝ
සහෝදරයින් දැකිම පවා තහනම් කොට ඇත. එසේ දුටුවොත් ඔවුන්ට මරණය පවා ගෙන දෙන බව
ලාංකිය විස්වාසයයි.
එමෙන් ම වෑන්කූර් දුපතේ
ජනතාව දැරියක් හිරු එළියට නිරාවරණය නොකරයි එසේ කළ හොත් ඇය අසීලාචාර අයහපත් කියාවල
යෙදෙන තැනැත්තියක් ලෙස සලකයි. එසේ සිදු කළ හොත් දැරිය මරා දැමිමට වුව ඔවුන් පෙළඹේ.
ඒ සංස්කෘතිය හා සමානව සිංහලයින් දැරියට මෙම කාලය තුළ කණ්ණාඩියකින් මුහුණ බැලිම පවා
ඉඩ ලබා නොදෙයි.
මීට අමතරව මල්වර වු
දැරියක් නාවන අවස්ථාවේ දි ද විවිධ සංස්කෘතින් හි ජනතාව චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක්
අනුගමනය කරයි. නැකතක් අනුව මල්වර වු දැරිය සුදු රෙද්දකින් වසා ජලය ඇති ළිදක් අසළට
කැදවා ගොස් එහි වී සහල් කිරි කොළ ආදි පයට පෑගිමට දමා නැවුම් කළයකට මල් සදුන් ඖෂධ
වර්ග දමා දැරිය නැකතට අනුව නෑවිම සිදු කරයි. මෙම චාරිත්‍රය මේ අයුරින් ම මුස්ලිම්
ජනතාව ද සිදු කරයි දින 7ක් ඉක්ම ගිය පසු හැකි තරම් හිමිදිරි උදයේ ඖෂධ දැමු ජලයෙන්
දැරිය නාවනු ලැබේ. ද්‍රවිඩ ජනතාව ද මෙම චාරිත්‍රය මෙසේ ම සිදු කරයි එසේ ම වැදි
ජනතාව ද දැරියක් වැඩිවිය පැමිණි කළ ඇය නුග ගසක් යටට කැදවා ගෙන ගොස් එහි දි ඇගේ
නෑනා හෝ නැන්දා කෙනෙක් විසින් නෑවිම සිදු කරයි.
සිංහල මල්වර චාරිත්‍ර අතර
අතීතයේ තවත් සිදුකළ තවත් චාරිත්‍රයක් ලෙස පස්මෝරු කුල්ල දිමේ චාරිත්‍රය පෙන්වා දිය
හැක. මෙය බොහෝ විට උඩරට ප්‍රදේශයේ සිදු කරනු ලබන ප්‍රධානතම චාරිත්රයකි. මෙහි දි
කරනු ලබන්නේ ඇවැස්ස මස්සිනා හෝ කුල පරම්පරාවට අයත් තරුණයෙකු විසින් හාල් මුං තල
කුළුබඩු පොල් ගෙඩියක් ආදි ද්‍රව්‍යන්ගෙන් සැදුම් ලත් කුල්ලක් මල්වර වු දැරියට
පිළිගන්වයි. මෙයින් සංකේතවත් කරන්නේ ඔහුගේ අනාගත සහකාරිය ඇය වන බවයි දෙමළ
සංස්කෘතිය තුළ ද මෙවැනි ම චාරිත්‍රයක් කරනු ලබයි. එහි දි රජකයා විසින් (රජකයා යනු
සිංහල රෙදි නැන්දා වැනි පුරුෂයකි) ඇය කැමති ම ආහාර වර්ග පිරවු වට්ටියක් ඇගේ හිස
වටා කරකවයි. එයින් ඇගේ වස් දොස් දුරු වන බව ඔවුන්ගේ මතයයි. ඉන් අනතුරුව දැරියගේ
මස්සිනා හෝ මාමා (මවගේ මල්ලි) විසින් ඇය අතින් අල්ලා ගොස් මණ්ඩපයක් මත හිදුවයි.
මෙය විවාහ ගිවිස ගැනිමක් ලෙස සිදුවේ.
මල්වර චාරිත්‍රය ආශ්රිත තවත් ප්‍රධාන ලක්ෂණයක්
වන්නේ කිලි හා වස් දුරු කිරිමයි. මෙහිදි දැරිය නෑවිමෙන් පසු ඇය කිරි ගසක් වෙත
රැගෙන යනු ලබයි. ඉන් අනතුරුව ඇය “මට වදුස් නෑ, මගේ දෙමාපියන්ට වස් නෑ, මගේ සහෝදරයින්ට වස් නෑ, මගේ අනාගත ස්වාමියාට වස් නෑ, මට නොව වස් මෙම
ගසටය” යනුවෙන් තුන්වරක් කියා ගසට කොටනු ලැබේ. මෙයින් දැරියගේ වස් දොස් හා ඇගේ
සමීපතමයන්ගේ දොස් දුරුවන බව විස්වාසයයි. මෙය සිංහල හා ද්‍රවිඩ යන සංස්කෘතින් දෙකේ
ම සිදු කරනු ලබන චාරිත්රයකි. කිලි සංකල්පය හේතුවෙන් මෙම සංස්කෘතින් දෙකේම ජනතාව
දැරිය මාස තුනක් යන තෙක් පන්සලකට හෝ දේවාලයකට යාම ඇයට තහනම් කර ඇත. මෙයට හේතුව
නොපෙනෙන බලවේගවලින් ඇය ආරක්ෂා කර ගැනිමයි. නයිජිරියානු වැසියන් ද මල්වර වු දැරියක්
අවුරුදු 3ක් යන තෙක් පුරුෂයින් මුණ ගැසිමට ඉඩකඩ ලබා නොදෙයි. මෙයට ද හේතුව වන්නේ
කිළි සංකල්පයයි-
සිංහල චාරිත්‍ර වාරිත්‍ර
අතරින් මල්වර වාරිත්‍රය පිළිබද සැලකිල්ලට ගැනිමේ දි එහි චාරිත්‍ර වාරිත්‍ර ඉටු
කිරිම ලෝකයේ අනිකුත් සංස්කෘතින් සමග මිශ්‍ර වි ඇති බව මෙවැනි කරුණු මගින් පැහැදිලි
වේ.
Saturday, March 23, 2019
අපි අයිති කොහෙටද? (කෙටි කතාව)
''අපි අයිති කොහෙටද?''
උදේ හවස ගමට එන යන කා හටත් ආශිර්වාද කරමින් කදු මුදුනේ පිහිටි බෝධිය අපේ ගම්මානයේ මුර දේවතාවුන් වෙසෙන ස්ථානයක් වැන්න. හතර වටින් එකිනෙක පරයා නැගි කදු වළල්ල සොබා දහම විසින් අප ගමට ලබා දුන් විශාල ආරක්ෂාවකි. කදු මුදුනක් දෙබෑ කරමින් ගමට පිවිසෙන එකම මාර්ගය තනා තිබිණු අතර අතීතයේ දී එම කපොල්ල හරහා ගමන් ගත්තේ ගොන් බැදි කරත්ත බව මා කුඩා අවධියේ දි එතැනින් ගමන් කරන විට සීයාත් අප්පච්චීත් කියා ඇති වාර අනන්ත. එහි පහළින් ගලා ගෙන යන ගංගාව ගමට ජීවය සපයන ප්‍රධාන ජීවනාලිය වු අතර ගම් පියස වැඩි කොටසක් තිබුණේ ගගෙන් එහා ඉවුරෙන් ඉහලටය. එකම නිල්වන් කෙත් යාය අදත් තැනින් තැන හෝ දක්නට ලැබීම පිළිබද එම ගොවි මහතුන්ට අනේකවාරයක් ස්තූති කළ යුතුය.
ගංඉවුර පසු කර මදක් කදු මුදුනට වෙන්නට පිහිටි අප නිවසට හිරු උදාව ඉතා අපුර්ව ආකාරයෙන් දිස්විය. හැමදාම උදෑසන පාසල් යන්නට පෙර පහන් පැලට යාම මාගේ පුරුද්දක් වූ අතර මා පහන් දල්වන්නටත් පෙර සූර්යා විසින් බුදුමුව එළිය කර තිබීම මා දුටුවේ මටත් වඩා හිරු බුදු ගුණයට ගරු කරන බවයි.
සුදු ගවුම ඇදගෙන තෙල් ගා පිළිවෙලට පීරූ කොන්ඩ කරල් දෙක අනෙක් යහළු යෙහෙළියන් අතරට මා ගිය විට මා දුටුවේ බණ්ඩිගොයම් මැද උසට වැඩුණු මාර්තු පදුරු දෙකක් මෙනි. පාසලේ දිගම වරලසට හිමිකම් කියූ මා සාමාන්‍ය පෙළ ද අනෙක් සියල්ලෝ අභිවවා ඉහළින් සමත් වුනෙමි. නංගී සහ මම එක් පසක් සේදි ගිය ගුරුපාර දිගේ පාසල් ගිය කාලය දැනුදු සිහියට නැගෙන්නේ ඉමිහිරි මතකයන් සමගිනි. නංගී ගමේ පාසලට පයින් යන විට මම නගරයේ පාසලට තේරී පත් විය.
"අත්තනායකගේ ලොකු දුව ගමේ ඉස්කෝලෙකට තේරිලා කියන්නේ"
"අත්තනායකගේ ලොකු දුව ගමේ ඉස්කෝලෙකට තේරිලා කියන්නේ"
ගමුන් අතර නිතර කතා වු තේමාවක් විය. දවසක් ගමේ ග්‍රාමසේවකගේ බිරිද කරුණා නැන්දා මගදී මුණගැසී විස්තර විමසුවාය.
"සිරිමලි දැන් ටවුමෙ ඉස්කෝලෙට යන්න ඔක්කොම හරිද? ගමේ ඉස්කෝල වගේ නෙමෙයි ළමයි වුණත් වෙනස්"
මම එතැනින් නික්මෙන්නට සිතුවද නැන්දා කතාවට අල්ලා ගන්න ඉතා දක්ෂය. අම්මා ද කඩමණ්ඩියට ඇවිත් යන අතර මග අප දැක නතර විය. අප අසළට අම්මා පැමිණෙනවත් සමග කරුණා නැන්දා කරුණාබර සිනාවකින් මුව අටවාගෙන පිටව ගියහ.
නගරයේ ජනප්‍රිය පාසල් කීපයකට ම අයදුම්පත් දමා තිබුණ ද ප්‍රමුඛතම පාසලට මා පත්ව ඇති බවට ලිපියක් ලියුම් බෙදන්නා අත්තම්මා ගෙදර තබා ගොස් තිබුණි. එම ලිපියට අනුව අලුත් පාසලට යන දිනය උදා විණි. පරණ ගවුම් ඉවත් කර අලුත් ගවුමක් අම්මා මසා දුන්නාය. සෙරෙප්පු වෙනුවට අලුත් සපත්තු දෙකක්, අලුත් පොත්, බෑගයට දමා ගත් මා පසුදා පාසල් යන්නට සිහින දකිමින් නින්දට ගියෙමි.
පසුදා පහන් විය. පිළිවෙලට ඇද පැළද ගත් මා දෙස අම්මා බලා සිටියේ වෙනදා නොමැති සතුටකිනි. මද වේලාවකින් ඈ "මේ දෙක දා ගනින් " කියා නංගීගේ කනේ තිබු කරාබු දෙක මා අත තැබීය.
මට අදටත් මතකය. මා එදා ඉස්කෝලෙට ගියාම මන් අමුතුම ලෝකයකට ගියාක් මෙන් දැනුනා මමත් තවත් ළමයින් දෙදෙනෙකුත් හැරුණු විට අනෙක් සියල්ලෝම ධනවත් පවුල්වල අය වුහ. අපට නොමැති බොහෝ සැප පහසුකම්වලින් ඔවුන් ආඩ්‍ය බව කතා කරන, කනබොන යන එන සෑම විටම දක්නට හැකි විය. ඔවුන් අප සමග කතා කළේ කලාතුරකිනි. ඔවුනොවුන් අතර උදෑසනට good morning කිවුවා වුවත් අප කීපදෙනා තෙරුවන් සරණයි කියා ගැනීම ගමෙන් උරුම දායාදයක් විය. සෑම තැනකම ඉංග්‍රිසි වැඩියෙන් අහන්නට ලැබු විට වෙලාවකට එංගලන්තයට ගියා වත්දෝ කියා සිතුණු වාර අනන්තය. කොළයක ඉංග්‍රිසියෙන් ලියා ගන්න පුළුවන් උනාට කතාකරන්න තිබුණේ ලොකු බයක් හා චකිතයකි.
"ඔයාලට English බැරිද?"
නිතරම කාගෙන්ත් එල්ලවුණු ප්‍රශ්නයක් විය. කෙසේ නමුත් උසස්පෙළ විභාගය ද ඉහලින් සමත් වු මම කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් වුයේ් කලා අංශයේ අප දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වශයෙනි. විශ්ව විද්‍යාල ජීවිතයට ඇතුළත් වු මා ගමෙන් දුරබැහැර විත් ගත කරන කාලය ආරම්භ විය. පාලලේ දී මෙන් ම මෙතැනදි ද ඉංග්‍රිසි භාෂාව නිතර නිතර කතා බහෙන් අප සමග ගැටෙන්නට විය.
"ළමයි ඔයාලට මේ semester එකේ presentation දෙකක් තියෙනවා . English medium වලින් විතරයි තියෙන්නේ"
කියා දේශකතුමා ශාලාවෙන් නික්ම ගියේය. කෙසේ හෝ මෙය කළ යුතුය. මා ඉංග්‍රිසි කතා කිරිමට අදක්ෂය. නමුත් මට දැන් ලැබි ඇති අභියෝගය ඉංග්‍රිසියෙන් ඉදිරිපත් කිරිමක්ය.
"සිරිමලි ඔයාට ඉංග්‍රිසි අමාරුයි නම් මං කැමති ඔයාට කියලා දෙන්න"
මගේ යෙහෙලියක් මට කීවේ මගේ හිත ධෛර්යමත් කරමිණි. දින ගණනාවක් මා ඇගෙන් ඉංග්‍රිසි උගත්තෙමි. ඉංග්රිසිවලට මා දැන් බියක් නැත. ඇත්තේ ආසාවකි.
ඇමතුමක් පමණක් ගන්නට හැකි වු මගේ දුරකතනයට දැන් මගේ සියලු අවශ්‍යතා ඉටු කළ නොහැකි විය. ගෙදරින් දුරකතනයක් ලබා ගන්නට මුදල් ඉල්ලිය නොහැකිය. එපමණක් නොව පරිගණකයක අවශ්‍යතාව ද තදින් දැනෙන්නට වුව ද සැබෑ කරගන්නට ඇති සිහින අතර එය ද විය. අමතර ආදායම් උපයන යාලුවන් සමග මම ද ආයතනයකට අමතර කාලයේ රැකියාවක් සදහා යොමු විය. එහිදි මගේ ඉංග්‍රිසි දැනුම අනුව උපාදි සම්පුර්ණයෙන් පසුව එහි මට රැකියාවක් ලැබුණි. එම ආයතනයේ පුහුණුවක් සදහා මා හට විදේශ සංචාරයක් පැරීසියට යාමට අවස්ථාව ලැබුණි.
"දුවේ උඹ හරි වාසනාවන්තයි. අපිට ගොඩක් සතුටුයි උඹ දියුණු වෙනකොට උඹට වරදින්නෑ"
අම්මා විසින් එවා තිබුණු ලිපියට මම ලිපියක් ලියන්නට සිදුවුව ද පුදුමයකි මා එහි මගේ නම හා ලිපිනය දමා තිබුණේ ඉංග්‍රිසියෙනි. එය මම පසුව සිහිවන විට මා මා දෙසම දෙවරක් සිතා බැලීමි.
මා විවාහකය. මගේ සැමියා පරිගණක ඉංජිනේරුවරයෙකි. නමින් ජෝර්ජ් ඩිසාරෝ ය. පැරිසියේ අධ්‍යාපන පුහුණුවේ දි අප දෙදෙනා මුලින් ම මුණුගැසුණු මතකය පුදුම මිහිරි අද්දැකීම් ගොඩක එකතුවක් විය. ඔහු මා හා අතර ප්‍රේමය දළුලා ගියේ දින 365 ගෙවී යනු ද නොදැනීම ය. අප අතර ප්‍රේමය කොතෙක් තදින් කා වැදුණි ද යත් අප දෙදෙනා දෙරටක බව මටත් ඔහුටත් නොදැනෙන තරම් විය. පුහුණුව අවසානයේ දි මට තවත් වසර කීපයක් එරට රැදෙන්න වූයේ ආයතනයේ සම්බන්ධීකාරක අධීක්ෂණයේ නිමග්න වෙමිණි. යළිත් ලංකාවට එන්නට බොහෝ කාලයක් ගත වීම මා සිතේ තදින් දැනුනේ නිතර නිතර මාපියන්ගෙන් ආ ලිපි නිසාවෙනි.
"මාලී අපි කසාද බදිමු මම ඔයාට ආදරෙයි."
ජෝර්ජ් මට කීවේ දෙනෙතේ ආදරය පුරවාගෙනය. මා විවාහ වන බව දෙමාපියන්ට ලිපියක් දන්වා යවා මා විවාහ ගිවිස ගතිමි. හෙල කුල සිරිතට පෝරුවට නැග මංගල අශ්ඨක මැද විවාහයට මාගේ සිතේ තිබු කැමැත්ත පල්ලියේ දිමැකී ගිය සිතුවමක් විය. උඩරට සාරිය වෙනුවට දිග සුදු ගවුමකිනු මා සැරසුවේ බටහිර විලාසිතාකාරිනියකි.
"ඔයා ලංකාවේ වුණාට මේ ඇදුම්වලට ඔයා මෙහෙ කෙල්ලෙක්ට වඩා ලස්සනයි"
ඇය මට කීවාය.
මට දැන් වයස 29ක් මං මෙරටට පැමිණ වසර 6ක්. මගේ මවුබිමට යාමට මට තිබු ආසාව මගේ ආදරණිය සැමියා සැබෑ කරමින් අපේ පුංචි පවුලම ලංකාවට පැමිණියෙමු. කුලී වාහනයක් රැගත් අපි ගමට පිටත් වූයේ මෙරට සිරි අසිරි නරඹමිණි. කදුවැටි කෙත්වතු මැදින් අප රථය ගමට ඇතුළු වීය.
"or my good, this is your village"
සැමියාගේ මුවින් අදහා ගත නොහැකි සේ වදන් පිටවිය.
අප රථය ගෙමිදුල මැද නතර කරන විට අම්මා ඉක්මනින් එළියට විත් එකවරම නැවතිණි. ඇය මා දෙසම බලා උන්නේ කාන්තාවක් තම පළමු දරුවා වදා පළමුව දකින අවස්ථාවේ ඇති ආදරණිය බැල්මෙනි. මා එය හොදින් දන්නේ මම ද දැන් මවක් නිසාවෙනි.
මා වේගයෙන් දිවගොස් අම්මා වැළද ගත්තෙමි. ඇය ද තදින් මා වැළද ගත්තේ "ලොකු දුවේ" යැයි සෙනෙහෙබර වදනින් යුතුව ය. මා ඇගේ දෙපා අල්ලා වැදවැටුණි. මා මදක් එලෙස ම සිටියෙමි. මා හැරී මගේ දරුවාත් ස්වාමියා දෙසත් බැලීමි. ඔවුන් මගේ දෙස ඉතා ඕනෑකමින් බලා සිටිනු මා දුටුවෙමි. ඔවුන්ට මෙම ක්‍රියාව නුහුරු බව මට තේරුම් ගියේ එවිට ය. නමුත් මා තේරුම් ගත් මා ස්වාමියා ද මා කළ දේම අනුවරණය කළේ ය. නමුත් මගේ දරුවාට එය නුහුරු නොතේරෙන්නේ ය. ඇය විගස විත් මා වැළද ගත්තේ ය. මා විසින් ම ඇය මෑණියන්ගේ දෙපා වැන්දුවෙමි. මගේ නැගණිය ද අල්ලපු ඉඩමේ තනා තිබු නිවසේ සිට දිව ආවේ "අක්කේ" කියාගෙනය.
අප ලංකාවට පැමිණ දැන් වසරක කාලයක් ඉක්ම ගොස් ය. මා රැකියාව කළ ආයතනයේ ම ලංකාවේ රැකියාව කරගෙන යාමට අප දෙදෙනාට හැකියාව උදාවුණි. සැප පහසුව කෙසේ වුව ද අප මෙරට පරිසරයට ටිකින් ටික හුරු වුණි. දියණිය ද අම්මා සමග සිට සිංහල හොදින් කතා කිරීමට ඉගෙන ගත් අතර මගේ ස්වාමියාට ද තරමක් දුරට සිංහල කතා කිරිමට හා තේරුම් ගැනිමට හැකි විය.
වසර දෙකකට වැඩි කාලයකට පසු අපි මාගේ සැමියාගේ රටට යාමට තීරණය කලෙමු. දියණීය එරට පාසලකට යැවීම ඔහුගේ තීරණය වීම එයට හේතුවක් වු අතර ඇය දැන් සාමාන්‍ය ලාංකික දැරියක් ලෙසම සිංහල කතා කරයි. අපට මෙරටින් පිටවීමට කාලය උදා විණි.
" දුවේ බුදුසරණයි"
කාගෙත් ආශිර්වාද මැද අප ගුවන්තොටුපලට ඇතුල් වීමු. ගුවන්යානයේ දී
"තාත්තා ආය අපි අම්මලාගේ ගෙදර එමු"
මාගේ දියණියගේ සිගිති වදන් විය.
මා කල්පනා කලේ අපි කොයි පවුලේ අය ද කියා ය. මා පැරිස්වල ද ජෝර්ජ් ලංකාවේ ද යන්න මට තවමත් සිතා ගත නොහැකි අපුරු කවියක් වැන්න සිතුවිල්ලකි.
Subscribe to:
Comments (Atom)
-
මා සතුටින් තැබීමට ඔහුගේ සතුට නැති කර ලත් මාගේ සතුට ඔහුගේ සතුට කර ගත් සමාජයේ ඉහළ තැනක මා දැකීමට හදවතින් ප්‍රාර්ථනා කළ මට හමු ව...
-
සිංහල මල්වර චාරිත්‍රය හා බැදි අන්තර් සංස්කෘතික ලක්ෂණ සිංහල චාරිත්‍ර වාරිත්‍ර අතර ප්‍රධාන තැනක්...



