ගෝඨාභය කතං රම්මං
දවන තිස්ස ඵල රෝපිතං
වන්දාමි මණ්ඩලාරාමං
මලියදේව නිසේවිතං
ගෝඨාභය මහ රජතුමා විසින් කරවන ලද දෙතිස් ඵල බෝධීන් වහන්සේ රෝපණය කරන ලද, මලියදේව මහ රහතන් වහන්සේගේ පා පහස ලද, මණ්ඩලරමය වට්ටාරම රජමහා විහාරය වදිමි.
අංගුත්තර නිකාය මනෝරථපුරණියේ සදහන් වන පරිදි ලංකාවේ වැඩවිසූ අවසන් මහ රහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේය. ක්‍රි.ව. 253 හා 266 කාගය තුළ රජකළ ගෝඨාභය රජ දවස වාසය කළ උන්වහන්සේ පිළිබද තොරතුරු විමසා බැලීමේදි වට්ටාරම රජමහා විහාරය අපට හමුවන ප්‍රධාන සංදිස්ථානයකි.
බොදු බැතිමතුන්ගේ නොමද ගෞරවයට පත් මෙම විහාරය කෑගල්ල පොල්ගහවෙල මාර්ගයේ සැතපුම් හතර හමාරක් ගියවිට අපට හමු වේ. මා ඔය නිම්නයේ පිහිටි මෙම විහාරයේ අරම්භය දෙවන පෑතිස් රජ දවස දක්වා ඈතට දිවයයි. එසේ ම මිහිදු හිමියන්ගේ ඇසුර ලත් ස්ථානයකි. වටේ ම ආරාම පිහිටි හෙයින් ‘‘වට්ටිරම“ ලෙස මෙම විහාරස්ථානය ප්‍රචලිත වු බව මතයකි. ගෝඨාභය රජු විසින් මෙම ආරාමය, සක්මන් මළුව ඉදිකරවු බවත්, තවත් අතකින් විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා විසින් වට්ටාරම ඉදිකර වු බවත් මත කිහිපයකි.
වට්ටාරම පූජා භූමියට උතුරට පනලිය ගම ද දකුණට කන්දෙ ගෙදර ද නැගෙනහිරට නාරංබැද්ද ද බස්නාහිරට කළු ගග ද ඉර හද කෙටූ ගල් හතරක් සිටුවා විහාරස්ථානයේ සිමාව පිහිටුවා ඇත. ඊට අමතරව නාරංගල නම් ප්‍රදේශයේ ලෝහමය තම්මැන්නාවක් නාද කරවා එම හඩ සවන් වැකුණු තෙක් මායිම් ඉඩම් සියල්ල වට්ටාරම විහාරස්ථානයට එවකට රජකළ රජු පූජා කළ බවත් ජනප්‍රවාදයේ කියැවේ.
අතීතයේ පටන් රහතන් වහන්සේ වැඩ විසූ සේනාසනයක් යැයි සැලකෙන වට්ටාරම ශ්‍රි අරහන්තක මලියදේව රජමහා විහාරය බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පත්වන ස්ථාන රාශියකින් සැදුම් ලද්දකි. ඒ චෛත්‍ය,බෝධිය, රහතන් වහන්සේ වැඩසිටි මලියමහා පාය, පිළිමගෙය හා සිරිපතුල්ගල සහිත වටමාලයෙහි නටබුන් දැකිය හැක. එයින් පූජනීයම ස්ථානය වන්නේ දෙතිස්ඵල බෝධින් වහන්සේය. සිංහල බෝධි වංශයේ සදහන් වන පරිදි මෙම බෝධින් වහන්සේ ශ්‍රි මහා බෝධියෙන් හටගත් අංකුර තිස්දෙක අතුරින් එක් බෝධි අංකුරයකි. මෙහි මහත් අනුහස් ඇති බව සැළකෙන අතර වර්ථමානයේ දැකගත හැක්කේ එහි ද අංකුරයක් පමණි. එහෙත් දෙතිස්ඵල බෝධීන් වහන්සේ වටා අදටත් පරිවාර බෝධීන් වහන්සේ දැකගත හැක.
මලිය මහාපාය මෙහි ඇති තවත් සුවිශේෂි ස්ථානයකි. වට්ටාරම අස්න අනුව වට්ටාරම් බිමේ ආරාම දොළහක් හා බෝධීන් වහන්සේට පිටුපසින් දේවායක් පිහිටා ඇත. විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා සක් දෙවිදුන්ගේ නියමයෙන් මිහින්තලාවට ගොස් ශිලාල චෙත්‍යයට නොදුරින් පිහිටි පොකුණක තිබූ ගල් කැටයම් හැටපහක් හා මිහිදු තෙරුන්ගේ ධාතු හා සිවුරු ගෙනැවිත් විහාර භූමිය කොටස් හතරකට බෙදා හතලිස් මහළකින් යුතු මලිය මහාපාය හා ආරාම සාදා ඇති බව ජනප්‍රවාදයේ කියැවේ. එය අනුරාධපුරයේ ලෝවාමහාපායේ අනුරුවකි. එමෙන් ම පිළීම ගෙය හා එහි ඇද ඇති සිතුවම් මහනුවර යුගයේ අපරභාගයට අයත් බව සදහන් කළ හැකිය. මේ සියල්ල වර්ථමානය වන විට නවීකරණය කර ඇති අතර විහාරයේ පොහොය සීමාව ගල්කුණුවලින් සීමා කොට ඇත. එමෙන් ම පැරණි කැටයම් හා දැව උළුවස්සකින් අලංකාර කළ පොත්ගුල ද දිගු ඉතිහාසයකට උරුමකම් කියන්නකි.
අනාදිමත් කාපයක පටන් බෞද්ධ බැතිමතුන්ගේ නොමද ගෞරවාදරයට පත් මෙම වට්ටාරම රජමහා විහාරය මතු පරපුුර වෙනුවෙන් රැක ගැනිම ශ්‍රි ලාංකික ජාතියක් ලෙස අපේ යුතුකමකි.

Niyamai
ReplyDelete